අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ දින ප්‍රකාශයට පත්වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3. 95% කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර් 83. 88ක් ලෙස සටහන් වුණා.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 4. 4 4% කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එහි මිල දැක්වුණේ ඩොලර් 81. 11ක් ලෙසයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, මෙම සාම එකඟතාවයත් සමග ලෙබනනය ඇතුළු සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදාමය මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි සහ ස්ථිර වශයෙන්ම අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.
තම නිල ‘X’ ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ඓතිහාසික සාම ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය ඉදිරි සිකුරාදා (19) ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

