ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (5) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

