ලෝක ක්‍රිකට් වසන්තය අද ඇරඹෙයි – එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ප්‍රථම තරගය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අරඹමින් සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ මස 30 වැනිදා ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර එහිදී තරග 45 න් පැවැත්වේ. එම තරග 45 න් තරග 38 ක් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වන අතර තරග 7 ක් පස්වරු 7.00 ආරම්භ වේ.

එංගලන්තයේ ක්‍රීඩාංගණ 10 කදී මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහි අවසන් පූර්ව තරග මැන්චෙස්ටර්හිදී සහ බර්මින්හැම්හිදීද, අවසන් මහ තරගය ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.