පූජිත , හේමසිරි විමර්ශන කමිටුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ලබන 04 දින කැඳවීමට නියමිතය .

ඒ බව දැනටමත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට , කමිටුව විසින් දැනුම් දී ඇති බවද වාර්තාවේ.

අදාළ සාක්ෂි මත ඉදිරියේදී කැඳවන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද කමිටුව සඳහන් කර සිටී .