භෝග රැසක් ආනයනය සීමා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

භෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව බඩ ඉරිඟු, කව්පි, මුංඇට, කුරක්කන්, තල, රටකජු, සෝයා බෝංචි හා බී ළුණු ඇතුළු ‍භෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් සිටී.
එම භෝග ආනයනය සීමා කිරීම සඳහා එම භෝග ආනයනය මත බදු ඉහළ දැමීම හෝ බලපත්‍ර නිකුත් කිරීම සීමා කරන බව දෙපාර්තමේන්තුව පවසයි.