අමෙරිකානු වීසා ඉල්ලද්දී සෝෂල් මීඩියා හැසිරීම ගැනත් සොයයි

Picture of අසංක

අසංක


අමෙරිකානු වීසා බලපත්අයැදුම් කිරීමේදී සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වන බවට නව නීති හඳුන්වාදී ඇත.

ඒ අනුව ඇමෙරිකානු වීසා සඳහා අයදුම් කිරීමේදී , වසර 5 ක කාලසීමාවක් තුළ සමාජ මාධ්‍ය හරහා කළ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව.අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

එහිදී සමාජ මාධ්‍යවල භාවිත කරන නාමය, අදාළ ගිණුම් සඳහා යොදා ගන්නා දුරකතන අංක මෙන්ම භාවිත කරන සමාජ මාධ්‍ය කාණ්ඩ පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ.

ඊට, ඊමේල්, වට්ස්අප්, ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී සියලු සමාජ මාධ්‍ය ඇතුළත් වේ.

අමෙරිකාවේ ශිෂ්‍ය සහ රැකියා වීසා අයැදුම්කරන පුද්ගලයින්ට මෙම නීතිය බලපැවැත්වෙනු ඇති.