සනීපාරක්ෂක තුවා බදු අඩුකරන්න ජනපති නියෝග

ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති ගාස්තු සහ බදු අඩු කිරීමට ජනාධිපතිවරයා අදාළ පාර්ශව වෙත දැනුම් දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අනුව ආනයනික සනිපාරක්ෂක තුවා සඳහා දැනට පනවා තිබෙන වරාය ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු සහ රේගු ගාස්තු මෙලෙස අඩු…

“ඉදිරියටත් වේදනාකාරී තීන්දු ගන්න වේවි” – මහබැංකු අධිපති

වර්තමාන අර්බුදකාරි වතාවරණය තුළ රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා තීරණවලට එළැඹීමේදී සමාජයට එය වේදනාත්මක වනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹිය යුතු වීම එවැන්නක් බවත් එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු, ඉන්ධන මිල, බදු ඉහළ නැංවීම අදිය තීරණ ගැනීමට සිදුවනු ඇති බව…

පසුගිය මාසයේ උද්ධමනය 70.2% දක්වා ඉහළට !

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය අගෝස්තු මාසය සඳහා මෙරට උද්ධමනය 70යි දශම2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජූලි මාසයේ උද්ධමනය දැක්වුණේ 66යි දශම7 ක් ලෙසයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේ 84යි දශම 6ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය පැවතුණේ 82යි දශම 5ක්…

ශ්‍රී ලංකාවට සහය දීම නවතා නැහැ – ඉන්දියාව

ඉන්දියාව විසින් තවදුරටත් මූල්‍ය සහයෝගය ලබා නොදන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් වන මාධ්‍ය විමසුම්වලට ප්‍රතිචාර වශයෙන් මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද ප්‍රකාශය උක්ත කරුණ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා අපි දුටුවෙමු. ශ්‍රී ලාංකික ජනතාව විසින් මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ද්විපාර්ශවික සහයෝගයක් ලබා…

ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් ?

ඉන්දියාව, මෙරට බලධාරීන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල පළමු වටයේ සාකච්ඡා පවත්වා තිබෙනවා. එම සාකච්ඡා ඉකුත් 16 වනදා පවත්වා ඇති බවයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා සුහදශීලීව පැවැත්වූ බවයි. ආර්ථික අර්බුදයෙන් බැටකන අසල්වැසියාට දිගු කාලීන ආයෝජන හරහා සහය ලබාදීමට…

‘දේශපාලුවන්ගේ’ රැකවරණ මැද ජනතාව හූරාකන ජාවාරම්කාරයෝ !

නිෂ්පාදකයින්ගේ අත්තනෝමතික මිල ඉහල නැංවීම් හරහා පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමට , , සිමෙන්ති හා වානේ සඳහා නැවත පාලන මිලක් ක්‍රියාත්මක කරලීම පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ අවධානය යොමුව ඇත . මේ ආකාරයේ පාලන මිලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වානේ හා සිමෙන්ති කම්හල් හිමියන් , පසුගිය වසර පුරාවට කිසිදු සීමාවකින් තොරව අවස්ථා කිහිපයකදීම තම…

ප්‍රතිසංස්කරණය කළ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 දා විවෘත කෙරේ

.වසර තුනකට ආසන්න කාලයක් පුරා වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය සහ පැරණි සංඝාවාසය හා බුද්ධ වන්දනා මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් සේවා සඳහා විවෘත කිරීම මේ මස 24 වෙනි දින චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය D.වෙන්කතේෂ්වරන් මහතාගේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා මණ්ඩලීය සභාපති, හිටපු…

විදුලි වාහන ගෙන්වන්න පළමු බලපත්‍රය නිකුත් කෙරේ

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රයත්‍රය අද (20) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ප්‍රදානය කරනු ලැබීය. පළමු ආනයන බලපත්‍රය වාහනය ගෙන්වා ගත් විදේශ ගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා වෙත නිකුත් කෙරුණි. මේ වන විට විද්‍යුත් වාහන…