නවතම පුවත්

අලුත් ත්‍රස්ත ප්‍රහාර රැල්ලක් අත ළඟ- UN අනතුරු අඟවයි

අසංක

අසංක

අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ගෝලීය අන්තවාදී ජිහාඩ් ත්‍රස්තවාදීන් පවතින නිහැඩියාව බිදදමමින් මේ වසර අවසන් වීමට පෙර යුරෝපය පුරා බිහිසුණු ප්‍රහාර රැල්ලක් යළි අරඹනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා තිබේ.

සිරියාවේදී අයිඑස් ත්‍රස්තවාදීන් හමුදාමය වශයෙන් පරාජය කළ ද ඔවුන් යුරෝපය දෙස ඇස ගසාගෙන සිටින බවට ජගත් සංවිධාන ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත.

මෙම වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වි‍ශේෂඥයන්ගෙන් සමන්විත අධීක්ෂණ මණ්ඩලයක් විසිනි.

වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල බුද්ධි අංශ වාර්තා ද පදනම් කරගනිමිනි.

අයිඑස් සංවිධානයේ නායකත්වය, තම සංවිධානය ලැබූ පරාජය නොතකා, රහසිගතව සැගව සිටිමින් අනුහුරු වීමට, නොමැරී දිවි බේරාගැනීමට හා පෙරට වඩා ශක්තිමත් වීමට සන්නද්ධ වෙමින් සිටින බවට එම වාර්තාවේ දැක්වේ.

මෑතකදී යුරෝපයේ ඇතැම් ස්ථානවල සිදුවූ සුළු සුළු ත්‍රස්ත ප්‍රහාර අවසන් ප්‍රහාර නොවන බවත් නව ආරක ප්‍රහාර රැල්ලකට අයිඑස් සංවිධානය හා අනුබද්ධ ත්‍රස්ත කණ්ඩායම් සූදානම් වෙමින් ඇති බවත් එම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

ජිහාඩ් ත්‍රස්තවාදීන් සිටින්නේ මුල්‍ය හිගකමේ අර්බුදයක වුවද ‘සංකීර්ණ ජාත්‍යන්තර ප්‍රහාරයක් මෙහෙයවීම හා සැලසුම් කිරීමට අවශ්‍ය ආයෝජන ලබාගැනීමේ මාර්ග’ ඔවුන් පාදාගනිමින් සිටින බව ද වාර්තාවේ සදහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්