නවතම පුවත්

ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළා. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ දිල්ලි හි සිට දිවයිනට පැමිණියහ.

මොවුන් දිවයින පුරා සංචාරය කිරීමට නියමිත අතර එහෙදි ශ්‍රීලාංකික සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන , දේශීය ආහාරපාන , සුන්දර වෙරළ තීරයන් , ස්වාභාවික මං පෙත් සහ කොළඹ නගරයේ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්විඳිනු ඇත.

මෙම සංචාරක වැඩසටහන සඳහා ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී කරවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල මහජන නියෝජිතායතනය වන Aviareps India ආයතනය සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර ආගන්තුක සත්කාර සහ සැපයුම් සහකරු ලෙස Cinnamon Hotels and Resorts  ආයතනය ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්ව සංවිධාන කටයුතු සිදු කළේය. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව සංචාරක ගමනානන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!