BREAKING NEWSක්‍රීඩා


Share now!

ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට නවක ක්‍රීඩකයන් වන කමිල් මිෂාර, ජනිත් ලියනගේ, ශිරාන් ප්‍රනාන්දු  හා අශියන් ඩැනියෙල් නම්කර තිබේ.

තරගාවලිය එළැඹෙන 24 දා පැවැත්වෙන තරගයෙන් ආරම්භවීමට නියමිතය. ඔස්ට්‍රේලියා තරගාවලියේ ආබාධයකට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු, නුවණ් තුෂාර හා රමේෂ් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මශීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, අශියන් ඩැනියෙල්