නවතම පුවත්

කුරුණෑගල DIG ස්ථානමාරුවේ සැබෑව සහ නිවුස් ඇලර්ට්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාව ත්‍රිකුණාමලයට මාරු කල බවට වූ ප්‍රවෘත්තියක් අගොස්තු 02 වෙනිදා දහවල් ජංගම දුරකතනයේ නිවුස් ඇලට්ටුවෙන් පටන් ගෙන සමාජ ජාල මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි වල ප්‍රධාන පුවතක් බවට පත්විය. ඊට පැය කිහිපයකට පසු නැවතත් එකී ජංගම දුරකතන නිවුස් ඇලට් වලින් මෙන්ම සමාජ ජාල මාධ්‍ය වලින් කියැවෙන්නේ එම ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මහක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර ඇති බවය. මෙදින රාත්‍රියේ එම නිවුස් ඇලට් නිකුත් කල මාධ්‍ය ජාල වලට සම්බන්ධ රූපවාහිනී නාලිකා වල ප්‍රධාන පුවත බවට පත්වන්නේ ද කිත්සිරි ජයලත් මහතාගේ ස්ථානමාරුවීම ගැනය.

සැබෑව නම් කුරුණැගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවීමක් ලබා නොදී තිබියදී ඔහුට ස්ථාන මාරුවීමක් ලබාදුන් බවට නිවුස් ඇලට්ටුවක් යම් ජන මාධ්‍ය ආයතනයක් නිකුත්කිරීමය. ඒ ඔස්සේ යමින් සෙසු මාධ්‍යද කලේ නැති ස්ථාන මාරුවක් ගැන කියා රට ඇවිලවීමය. තමන්ට වැඩ වැරදුණු බව පසුව දැනගත් එම සෑම මාධ්‍ය ආයතනයක්ම කරන්නේ වැරැද්ද නිවැරදි කරන්නට තවත් තඩි බොරුවක් ඇද බෑමය. ඒ කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථාන මාරුවීම ජාතින පොලිස් කොමිසම විසින් අවලංගුකර ඇති බව කීමය.

පොලිසියේ ස්ථානාධිපතිධුරයෙන් ඉහළ නිලදාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ජාතික පොලිස් පොලිස් කොමිසය. ඒ පොලිස්පතිවරයාගේ නිර් දේශයන්ට අනුවය. ජාතික පොලිස් කොමිසම රැස්වන්නේ සෑම සතියේ දිනකම බ්‍රහස්පතින්දාය. විශේෂිත හේතූන් මත මේ දිනය වෙනස් වීමටද හැකියාව ඇත්තේය. පසුගිය ජුලි 25 වෙනි බ්‍රහස්පතින්දා ජාතික පොලිස් කොමිසම රැස් නොවූ අතර නැවතත් ජාතික පොලිස් කොමිසම රැස් වන්නේ පසුගිය 01වෙනිදාය. පසුගිය ජූලි 18 වෙනිදා ජාතික පොලිස් කොමිසම රැස්වූඅවස්ථාවේදී ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් වීම් කළේය. එම නිලධාරීන්ට නව සේවා ස්ථාන ලබාදීම්, ඒත් සමගම ඇතිවන පුරප්පාඩු පිරවීම් ඇතුළු ස්ථාන මාරුවීම් ලැයිස්තුවක්ම වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජාතික පොලිස් කොමිසමට කල්තියාම ඉදිරිපත් කර තිබුනේය. එම ස්ථාන මාරුවීම් ලැයිස්තුව ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමු කරන්නේ පසුගිය 01 වෙනිදාය. එම ලැස්තුව කෙරෙහි දීර්ඝ ලෙස අවධානය යොමුකරන ජාතික පොලිස් කොම්සම පොලිස්පතිවරයා විසින් නිර්දේශකර තිබුණු ඇතැම් ස්ථාන මාරුවීම් තමන්ට ඇවැසි ආකාරයට වෙනස් කළේ පොලිස්පතිවරයාටද නොදන්වාය. ඒ මෑතකදී පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන් දෙනෙක් කොමිසමේ සාමාජිකයන්ව සිටින බැවින් ඔවුන් ස්ථාන මාරුවීම් සියතට ගෙනඇති බැවිණි. එහිදී ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු කෙරන්නේ තමන් පොලිස් සේවයේ නිරතව සිටියදී ඔවුන්ට ආවතේව කම් කල නිලධාරීන් කෙරෙහිය. එසේම ඔවුන් පළිගැනීම්ද දරුණු ලෙස කරන බව ප්‍රසිද්ධ රහසකි.

ඒ අනුව මෙවරත් පොලිස්පතිවරයා විසින් යොමුකල ලේඛනය එහෙම් පිටින්ම වාගේ මේ ද්විත්වය විසින් වෙනස් කරනු ලබන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් අනාගත සැළසුමක් අනුව සිදුකල එම ස්ථාන මාරුවීම් අවුල් වියවුල් කරමිනි. වැඩ බලන පොලිස්පතිවරයා විසින් යොමුකරන ලද ස්ථාන මරුවීම් ලේඛනයේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ත්‍රිකුණාමයටත් කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායකට කිලිනොච්චියටත් ස්ථාන මාරුවීම් නිදේශයන් තිබුණේය. එම ස්ථාන මාරුවීම් දෙක ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසම එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ බව ද කල්ම්බො එක්ස්ප්‍රස් පැය 48 ක්තුළ සිදුවන පොලිස් ලොක්කන්ගේ ස්තාන මාරුවීම් ප්‍රවෘත්තියේ ඉකුත් 01 වෙනිදා සටහන් කර තිබුණි. පොලිස් කොමිසමේ සාමාජිකයන් එම ස්ථානමාරුවීම් දෙක ගැන සිතන්නේ වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් සමාජයේ ඇතිව තිබෙන නොසන්සුන් තාවය හේතුවෙන් ඔවුන් දෙදෙනා ස්ථානමාරු කලහොත් ජනතා විරෝධයක් ජාතික පොලිස් කොමිසමට එල්ලවේයැයි කියාය. එහෙත් කොමිසමේ සාමාජිකයන් පුද්ගලිකව මතදැරුවේ එම ස්ථාමාරුවීම් ක්‍රියාත්මක විය යුතු බවටය. එහෙත් ජනතා විරෝධයට ඔවුන් බිය වෙමින් එම ස්ථාන මාරුවීම සලකාබැලීම සතියකට කල් දැම්මේය.

වැඩ බලන පොලිස්පතිවරයා කොමිසමට පෙන්වා දෙන්නේ එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්ක කරන්නේ එම නිලධාරීන්ගේ යහපත සදහාම බවය. එහිදී කොමිසමේ රැදී සිටි නිලදාරීන් කිහිප දෙනෙක් පෙන්වා දී ඇත්තේ වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීමේදී නීතියෙන් පිට බොහෝ දේවල් එම නිලධාරීන් කර ඇති බව පෙනී යන බැවින් ඔවුන් දෙදෙනාට ලබාදිය යුත්තේ ස්ථාන මාරුවීම් නොව, වැඩ තහනම් කිරීමක් බවය. වැඩ තහනම් කිරීම කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බවක් නම් ඒ වන විටත් වැඩ බලන පොලිස්පතිවරයා දැන සිටියේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ පොලිස් අධිකාරී මහින්ද දිසානායක ගැන බොහෝ කරුණු දැනුම් දී තිබුණු බැවිණි. ඒ වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීම හා බැදුණු සිදුවීම් සම්බන්ධයෙනි.

සියලු කාරණා ගැන යම් අවබෝධයකින් සිටින ජාතික පොලිස් කොමිසම තීරණය කරන්නේ මේ අවස්ථාවේදී එම නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීමක් ලබාදුනහොත් ජනතා කැළඹිමක් ඇතිවීමේ ඉඩකඩ බොහෝ බැවින් ටික දිනකට එය කල් දමන්නටය. කොමිසම එම තීරණය ගන්නේ 01 වෙනිදාය. එසේ තිබියදී 02 වෙනිදා දහවල් නිව්ස් ඇලට් හරහා රට ගිනි තියන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව ප්‍රසිද්ධ කරමිනි. එක් මාධ්‍ය ආයතනයක් වැරදි ප්‍රවෘත්තියක් පලකල පමණින් මාධ්‍ය තරගකාරීත්වය හමුවේ එම තොරතුරේ ඇත්ත නැත්ත සොයා බැලීමකින් තොරව එම වැරදි ප්‍රවෘත්තියම සෑම මාධ්‍ය ආයතනයක්ම පල කිරීම තුළින් මාධ්‍ය ආයතන කොතරම් වගකීම් සහගතව ප්‍රවෘත්ති පලකරන්නේ දැයි සිතා ගන්නට පුළුවන.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි