නවතම පුවත්

චීනය හෝ ඉන්දියාව සමඟ සන්ධානගත වන්නේ නැහැ – රනිල් අමෙරිකාවේදී කියයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දු – පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර ඊයේ පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමින්.

එහි ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළා.

ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෝ චීනය සමඟ සන්ධානගත නොවන බවත්, අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කලාපයේ අනෙක් රටවල් ද සිය රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සඳහා කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාවෙන් සමන්විත ක්වොඩ් රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.

ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ.

එහිදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හම්බන්තොට වාණිජ වරාය, චීන හමුදා කඳවුරක් ලෙස හංවඩු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බවයි.

ශ්‍රී  ලංකාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරමින් සිටින අතර ජාත්‍යන්තර සංසදවලදී මෙම කාරණය මතු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට