BREAKING NEWS


Share now!

මේ අතර රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත් කර ඇත .

ඒ අනුව යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ මාසය කාලයක් පැවැති මහජන විරෝධතාවලින් පෙන්නුම් කෙරුණු ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහසේ භූක්ති විඳින ආකාරය බවයි. නමුත් හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකාව තුළ මේවනවිට පවතින අර්බුද සහ අසීරුතාවන්ට විසඳුම් ගෙන ඒම සඳහා සාර්ථක ක්‍රියාවක් නොවන බව ද යුරෝපා සංගමය පෙන්වා දේ.

මේ අතර සාමකාමීව විසම්මුතිය ප්‍රකාශ කිරීම හදිසි අවස්ථාවක් නොවන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි අවධාරණය කර තිබේ.

විසම්මුතියට මූලික හේතු විසඳිය යුතු බවත් ඇය අවධාරණය කරයි.