නවතම පුවත්

දෑස නොපෙනුනත් , නව විලාසිතා මවන , දිරිය මිනිසුන්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෑස් නොපෙනෙන මිනිසුන්ට දෑස් පෙනෙන මිනිසුන් සේ චිත්ත ශක්තියෙන් වැඩ කටයුතු කරලීමට අවශ්‍ය ශක්තිය හා මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් ඉතා අලංකාර නවීන විලාසිතාවන්ගෙන් යුතු ඇඟලුම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවත්වාගෙන යයි.

මෙම දෘශ්‍යාබාධිත ඇඟලුම්හලේ හිමිකාරිය 51 වියැති දිලේකා මනෝරි වික්‍රමනායක වන අතර ඇයගේ මින් පෙර පදිංචිය සීදුව ප්‍රදේශයේ වන අතර මීට වසරකට පමණ පෙර අනුරාධපුර, කහටගස්දිගිලියේ තම ස්වාමියාගේ ගම වෙත පැමිණ ඇත. අනතුරුව ඇය දෘශ්‍යාබාධිත පිරිස් පිළිබඳ අවධානය යොමු කරමින් දෘශ්‍යාබාධිත පිරිස් සමාජයෙන් කොන් කරන යුගයක, සාමාජයෙන් පිළිකුල් කරන මොහොතක ඇය ඔවුන් දෙස සංවේදීව බලා යහපත් සමාජයක් ගොඩනැංවීම උදෙසා ගන්නා ලද උත්සාහයක ප්‍රතිඵල අද වන විට මල්ඵල ගැන්වී තිබේ.

එනම් දෘශ්‍යාබාධිත අය පමණක් සේවය කරනු ලබන කුඩා ඇඟලුම් කර්මාන්ත ආයතනයක් නේත්‍රාංජලී යන නමින් පවත්වා ගෙන යන අතර මේ වන විට 07 දෙනෙක් මෙම ස්ථානයේ සේවය කරති. එක් අයකු පමණක් දෑස් පෙනෙන අයකු ලෙස සේවය කරන අතර ඇයද පාදවල ආබාධ නිසා ඇය සේවය ලබා දෙන්නේද රෝද පුටුවක ආධාරයෙනි. ඇය පුහුණු උපදේශිකාවක ලෙස එම ආයතනයේ සේවය කරයි.

මෙම ආයතනයේ හිමිකාරිය වන දිලේකා වික්‍රමනායක පවසන්නේ මේ වන විට පරිසරය රැකීම සඳහා සෑම අතින්ම ඇය අනෙක් අයට ආදර්ශයක් දීම පිණිස කටයුතු කරන බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ “මේ වන විට දරුවන් 07 දෙනකුගෙන් ආරම්භ කරන ලද මෙම පුංචි ගාමන්ට් එක විශේෂ වෙන්නේ අන්ධ අයගෙන් වීමයි. මෙය ආරම්භ කරලා අවුරුද්දක් පමණ වෙනවා. අපි මුලින්ම පරිසර හිතකාමී බෑගයක් නිෂ්පාදනය කළා. ඒක අවුරුදු 03ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. මේ බෑග් එකේ විශේෂත්වය වෙන්නේ මේ බෑග් එක ඇතුළේ මී ඇටයක් හරි ඉඟිණි ඇටයක් හරි තමයි අපි දාලා තියෙන්නේ. ඒකේ ජීව කාලය අවුරු දු 03යි. අවුරුදු 03ක් මේ බෑග් එක ඇතුළේ සක්‍රියව තියෙනවා. එතකොට මේ බෑගය වීසි කළාම මේකේ තියෙන රෙදි පවා ඉක්මනින් දිරනවා. මේ අන්ධ අයට ගස් හිටවන්න බෑනේ. ඒත් එයාලා දහස් ගණනක් මිනිසුන්ට බීජ බෙදලා දීලා ඒ අය ලවා ගස් හිටුවලා මේ පරිසරය සුන්දර කරන්න ඒ අයත් දායක වෙලා තියෙනවා.

පස්සේ අපි අමු රෙද්දෙන්ම මේ නිර්මාණ කරන්න ගත්තා. ඒ අනුව තමයි මම් ඇන්ඩ් බේබි කන්සෙප්ට් එකේ ඉඳන් අපි අලුත්ම විදිහට අම්මටයි දුවටයි ලස්සන නිර්මාණයක් කළේ. අම්මාට ලස්සන ගවුමකුත්, දුවට චූටි ස්කර්ට් එකකුත් විදිහට. පස්සේ අපි නවීන විලාසිතාවලට අදාළ බ්ලවුස් පවා නිර්මාණය කරන්න ගත්තා.

මේ නිර්මාණ කරන දේවල් නිර්මාණය කරන්නේ ඇස් නොපෙනෙන අය වුණාට මේ ඇ¾දුම් අඳින්නේ ඇස් පේන අය. ඒ නිසා කිසිම විදිහකින් කිසිම අඩුපාඩුවක් නොවෙන්න තමයි අපි මේ නිර්මාණ කරන්නේ. දැනට ඔන්ලයින් බිස්නස් එකක් විදිහට අපි මේ ගවුම් අලෙවි කරනවා. මේවා කැමැති අයට මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ඉතාම සාධාරණ මුදලකට තමයි අපි මේවා අලෙවි කරන්නේ.

NETHRANJALI ෆේස්බුක් පිටුව හරහා මෙන්ම 071-1290175, 0701524529 හා 0705080010 දුරකථන අංකවලින් ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.

ජීවිතයේ කුමක් හෝ අඩුපාඩුවක් නිසා පීඩා වින්දද ඒ පීඩාවන් අමතක කර ඉදිරියට යන මෙවැනි අයට අප කුඩා හෝ දිරිගැන්වීමක් ලබා දෙනවා නම් එවැනි පිනක් තවත් නොමැත.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!