නවතම පුවත්

පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවති පළමු තරගයෙන් ලකුණු 2 ක තියුනු ජයක් හිමිකර ගැනිමට ඉන්දියානු කණ්ඩායම සමත්විය. දෙරට අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඊයේ (03) වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ ලකුණු 163  ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 160 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුළු 5 ලකුනු 68 ක් තුළ දවා ගැණීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට අද දිනයේදී විස්සයි විස්ස වරම් දිනා ගත් ෂිවම් මාවි සමත්විය. මාවි මෙහිදී ලකුනු 22 කට කඩුළු 4 ක් දවාගැනීමට සමත්වූ අතර ඉන්දියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස තරගයේදී තෙවැනි හොඳම පන්දු යැවිම වාර්තා කළ පන්දු යවන්නා බවට පත්විය. නායක දසුන් ශානක පන්දු 27 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 3 ක් සහිතව ලකුනු 45 ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.  

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කළහ. ඉෂාන් කිෂාන් ලකුණු 37 ක්ද හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 29 ක්ද රැස් කරමින් ඉනිමේ මැද ස්ථාවර කළහ. අවසන් පන්දුවාර 5 තුලදී ඉන්දියාව වේගවත් ලකුනු පුවරුවක් කරා රැගෙන ගිය දීපක් හූඩා පන්දු 23 කදී ලකුනු 41 ක්ද ආක්සාර් පටෙල් පන්දු 20 කදී ලකුනු 31 ක්ද රැස් කළහ. ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුනු 68 ක සබඳතාවක් පැවැත්වූයේ පන්දු 35 ක් තුළදීය.

image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට
image-36
'ඔන්ලයින්' ණය ගන්නේ බලාගෙනයි !
image-34
මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන!
image-33
ඊශ්‍රායල - හමාස් සටන් විරාමය අද සිට!
Student school exam
සාපෙළ විභාගය 10 ශ්‍රේණියට