නවතම පුවත්

පැතුම් වාර්තා පොත අලුත් කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තරගයේ කාසියේ වාසිය දුනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන්  යුගලය, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ගොඩනැගුවේය.

යළි ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88යි.

2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව පැතුම් නිශ්ශංක බිඳහෙලනු ලැබුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමිනි. 

එතැනින් නොනැවතුණු ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට නොනවතින ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 200යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි. 

ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රෙක්ෂකයන් බවට පත්කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210කි. 

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත්ය.

සදීර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!