නවතම පුවත්

යුක්තිය දින 50 සපුරද්දී රටේ ජනගහනයෙන් දාහකට 3ක් අත්අඩංගුවේ

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

මත්ද්‍රව්‍ය තුරන් කිරීමත් පාතාලය මර්දය කිරීමත් අරමුණු කරගෙන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක යුක්තියට දින 50ක් ගතවන විට දිවයින් පුරා පොලිස් ස්ථාන මගින් විවිධ අපරාධ සඳහා අත්අඩංගුවට ගෙන සිටි පිරිස 56,541 දෙනෙකි.

මේ ගණන සංඛ්‍යාත්මකව විග්‍රහ කළහොත් රටේ සමස්ත ජන ගහනයෙන් දහසකට 3ක් පමණ මේ දින 50 තුළ යුක්තියට හසුවී ඇත. අතදරුවන් සහ දරුවන් මෙන්ම එක්තැන්ව සිටින මහළු පුද්ගලයින් ඉවත්කර මෙම සංඛ්‍යාව ගණනය කළහොත් පුද්ගලයින් 1000කට අඩුම තරමින් යුක්තියට 05 දෙනෙක්වත් කොටුවී තිබේ.

මෙම දින 50 තුළ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර දෙතුන් වතාවක් පොලීස් අත්අඩංගුවට පත්වූවෝද සිටිති. එම ගණන කොපමණදැයි නිෂ්චිත ගණනය කිරීමක් පොලීසිය පැත්තෙන් සිදුව නැත. එසේ දෙවරක් අත්අඩංගුවටපත්වූවෝ වැඩි දෙනෙක් මත්කුඩු ලෝලීන්ය. එසේත් නොමැති නම් සැකපිට යැයි කියා අත්අඩංගුවටගත්තවුන්ය.

යුක්තිය තවමත් හමාර නැත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන්කරන ආකාරයට අනුව යුක්තියට යුක්තිය ඉටුවන්නේ යැයි අපේක්ෂාකරනු ලබන්නේ ලබන ජුනි මාසයේදීය.

යුක්තිය මෙහෙයුම ආරම්භකරනු ලබන්නේ පසුගිය දෙසැම්බර් 17 වෙනිදාය. එදා සිට මේ දින 50ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ අත්අඩංගුවට ගත යුතු ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසියේ නිල ප්‍රකාශවල සඳහන්ය.

යුක්තිය මෙහෙයුම පැවති කාලය තුළ නීතියේ රැහැනට හසුකරගත්තේ යැයි පොලීසිය කියන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් මෙසේය.

හෙරොයින් කිලෝ142 ග්‍රෑම් 541ක්,
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 208 ග්‍රෑම් 290ක්,
කොකේන් ග්‍රෑම් 974 මිලි ග්‍රෑම්605ක්,
අබිං කිලෝ49 ග්‍රෑම්200ක්, හෂීස් කිලෝ 07 ග්‍රෑම් 210ක්,
ඈෂ් කිලෝ36 ග්‍රැම් 800ක්,
ගංජා කිලෝ2678 ග්‍රෑම් 910ක්,
ගංජා පැල 4,347,787ක්,
මාවා කිලෝ162 ග්‍රෑම් 251ක්,
තූල් කිලෝ 07 ග්‍රෑම්123 ක්,
කුෂ් කිලෝ 02 ග්‍රැම් 040 ක්, ගංජා මිශ්‍ර
මදන මෝදක කිලෝ19ග්‍රෑම් 906ක්,
මත්පෙති 360,821 ක් යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ මත්ද්‍රව්‍ය තොගය අතර නාවික හමුදාව පසුගිය ජනවාරි 05 වෙනිදා දකුණු මුහුදු තීරයේ කළ මෙහෙයුමකින් බෝට්ටු දෙකක් සමග සැකකරුවන් 08 දෙනෙක් සමග අත්අඩංගුවටගත් හොරොයින් කිලෝ 55යි ග්‍රෑම් 648ක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 189යි ග්‍රෑම් 387ක්ද ජනවාරි 20 වෙනිදා නාවික හමුදාව විසින් බහුදින යාත්‍රා දෙකකින් 11 දෙනෙක් සමඟ අත්අඩංගුවටගත් හොරොයින් කිලෝ 65යි ග්‍රෑම් 076ත් මෙම දින 50ක යුක්තිය මෙහෙයුමේදී අල්ලාගත් මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුලත්ය. ඒ නාවික හමුදාව විසින් අල්ලාදුන් එම හෙරොයින් තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වන බැවිනි.

මේ කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,981 ක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබීමද විශේෂිතය.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,083 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 7,733 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම මිලියන 726 කට ආසන්න බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,983 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,117ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 5,286 ක්ද අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටියි.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 262 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 318 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

යුක්තියට සමගාමීව දිවයින පුරා පාසල් හාර දහස් නවසිය අසූ තුනක් ආශ්‍රිතව ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයින් සොයා මේ කාලය තුළ මෙහෙයුම් දියත්කර තිබේ. එහිදී පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පිරිස 517 දෙනෙකි.

මේ අයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා කිලෝ 01 ග්‍රෑම් 230
මාවා කිලෝ 03 ග්‍රෑම් 650 ,
මදනමෝදක කිලෝ 02 ග්‍රෑම් 345
නීති විරෝධී දුම්වැටි 1,285 , දුම්කුඩු කිලෝ 01 ග්‍රෑම් 585
හෙරොයින් ග්‍රෑම් 85
අයිස් ග්‍රෑම් 48
මත්පෙති 1,561 සමගිනි.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්වනු ඇතැයි හදුනාගත් පාසල් ගණණ 4983 කි. එම පාසල්වලින් පාසල් 4,876 මේ වන විට සුරක්ෂිත බව පොලිසිය සහතික කරති.

පාසැල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හදුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායක හා පාසල් අවට ප්‍රජාව සහභාගි කරවා ගනිමින් “පවුර” සංසද කමිටු 5,133 ක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මේවන විට පිහිටුවා ඇත.

එම කමිටු සාමාජිකයින් විසින් ලබාදුන් වාර්තා වලට අනුව පාසල් 4,876 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලභතාවය පිළිබද අවදානම යම්තාක් දුරකට පහව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ හැරුණු කොට පාසල් 107 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට “පවුර” සංසද මගින් ලබාදී ඇති තොරතුරුවලට අනුව තහවුරුවන බැවින් එම පාසල් අවට තවදුරටත් මෙහෙයුම් සිදුකරන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත මේ වන විටත් උපදෙස් ලබාදී තිබේ

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!