නවතම පුවත්

ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය “රනින් බැබලේ”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සර උත්සවය පසුගියදා ඇති උත්කර්ෂවත් ලෙස කොළඹ ෂන්ග්‍රීලා හෝටලයේදී පැවැත්විණ.

මෙම සාංවත්සරික උළෙලට සමගාමීව, ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිස් ආයතනය , ජපානය සහ ඉන්දියාව සමඟ නව ව්‍යාපාරික සැලසුමකට ගිවිසුම් ගත වීමද සුවිශේෂී සිදුවීමක් විය .

ලිබර්ටි මෝටර්ස් ආයතනයේ ව්‍යාපාර කටයුතු ගොඩනැඟීම සඳහා සහාය වූ අලෙවි නියෝජිතයන්, ගනුදෙනුකරුවන් හා බෙදාහැරීමේ නියෝජිතයන් ඇගැයීම , මෙම උළෙලේ ප්‍රධාන අරමුණ විය .

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ඉතාමත් කුඩා ව්‍යාපාරයක් ලෙස රත්නපුරෙන් ආරම්භ කළ ලිබර්ටි මෝටර්ස් ආයතනය පසුව කොළඹ ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිස් බවට පත් වී  කෙටි කලක් තුළදී සිය ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනාගනිමින් විශාල දියුණුවක් ලබා ඇත්තේ එම ආයතනය තමන්ගේ සේවකයන්ට හා ගනුදෙනුකරුවන්ට දක්වන ගෞරවනීය සැලකීම නිසා බවත්ය. වසරින් වසර තම ආයතනය ලබන ලාභය ඒ හා සම්බන්ධ සියලු කොටස්වලට බෙදී යන අයුරින් ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් ලිබර්ටි ආයතනය සතු වීම රටටම ආදර්ශයක් බවද ඇමැතිවරයා පැවැසීය.

ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිස්හි සේවක හා ගනුදෙනුකරුවන්ට කෘතවේදීත්වය දක්වමින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටද රන් පවුම්,ලබාදීම මෙම උළෙලේ තවත් කැපී පෙනෙන අංගයක් විය . ඊට අමතරවවිශාල මුදල් ත්‍යාග රාශියක්ද මෙහිදී ප්‍රදානය කෙරින . රටේ අනාගත දරු පරපුරට අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් වීම අරමුණු කොට , පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.

වාර්ෂිකව තමන් මෙවැනි කෘතවේදීත්වය පළ කිරීම හා සේවා ඇගයීම සිදුකරන්නේ තමන් ලබන දියුණුවේ සතුට ඊට දායක වන හැමෝටම ලබාදීමට බව ලිබර්ටි මෝටර්ස් එන්ටප්‍රයිස්හි අධිපති ලුතුෆි මොහොමඩ් රිස්වාන් මහතා මෙහිදී පැවැසීය.

පස්වැනි වරට පැවැත්වූ මෙම උත්සවයට කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, ජපානයේ සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන්, හිටපු පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් යෙහියා, එම්. ඉෆ්ලාර්, ජපානයේ හා ඉන්දියාවේ මවු සමාගම් නියෝජිතයන් කිහිපදෙනකු සහ රත්නපුර ලිබර්ටි මෝටර්ස් අධිපති ලුතුෆි රවුෂාන් මහතා ඇතුළු විශාල පිරිසක්ද එක්වූහ.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!