ගෝලීය අවදානම ඉතා ඉහළ ‘ඔමික්‍රෝන්’ රට රටවල ගේට්ටු වසා දැමූ හැටි

කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය වෙනත් ප්‍රභේදවලට වඩා ගෝලීය අවදානම “ඉතා ඉහළ” බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. විශේෂඥයන් විශ්වාස කරන්නේ නව ප්‍රභේදයේ අවම වශයෙන් විකෘති 50 ක් වත් ඇති බවයි. කෙසේවෙතත් මෙම ප්‍රභේදය පිළිබඳ තවමත් අධ්‍යයන මට්ටමේ පවතින බවත් එහි හැසිරීම පිළිබඳ තවම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් එම සංවිධානය පෙන්වා දෙයි. පසුගිය නොවැම්බර්…

ශ්‍රී ලංකාවේ කතුන් වැඩිවුණත් නීතිය හමුවේ වැරදිකරුවන් 98%ක් පිරිමි

ශ්‍රී ලංකාව තුළ වෙසෙන බහුතරය කාන්තාවන් වුවද බන්ධනාගාරගතව සිටින රැඳවූවන් සහ වැරදිකරුවන් මෙන්ම මරණ දඬුවම් ලබා සිටින 98%ක් පමණ පිරිමි පාර්ශවය බව මෙරට සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි. මෙරට සමස්ත ජනගහනයෙන් 50.7%ක් කාන්තාවන් වන අතර පිරිමි 49.3%ක් පමණ වේ. එහෙත් බන්ධනාගාරගතව සිටින සියලුම වර්ගයේ රැඳවූවන්ගෙන් බහුතරය වී ඇත්තේ පිරිමි පාර්ශ්වයයි. බන්ධනාගාර ගත රැඳවූවෙක් යනු නීතිය යටතේ දිවයිනේ…

කාන්තාවන් විඳින ලිංගික හිංසන ගැන අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න !

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් පහෙන් එකක් එනම් 20.4%ක් තම සමීප සහකරුවෙකු වෙතින් කායික සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වී ඇත එහෙත් සහකරුවෙකුගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම එනම් 49.3%ක් ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහය ලබාගෙන නොමැත. එමෙන්ම සමීප සහකරුවෙකු වෙතින් කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් එනම්…

ඔක්තෝම්බරයේ ආහාර සහ වෙනත් බඩු මිලත් ඉහළටම ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ගෙවුණු සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

මෙරට විවාහ සිදුවීම 12%කින් පහළට

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත විවාහ සංඛ්‍යාව පසුගිය වසර වනවිට පෙර වසරට සාපේක්ෂව 12%කින් පහත වැටී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සියලුම දිස්ත්‍රික්කවලින් විවාහ ලියාපදිංචිය පිළිබඳ ලද දත්ත මත මේ බව අනාවරණය වූ බවයි. දිවයිනේ සමස්ත විවාහයන් සංඛ්‍යාව 2019 වසරේ 163,378 ක් විය. එය 2020 වසරේ 143,061ක් දක්වා අඩු වී තිබේ. පසුගිය වසරේ එනම්…

ළමා නිවාසවල දරුවන්ගෙන් 8%ක් බාලවයස්කාර මව්වරුන්ගේ

ශ්‍රී ලංකාව තුළ සිටින ළමා නිවාසගත ළමුන් අතරින් 8.4%ක් බාල වයස්කාර මව්වරුන්ට උපන් දරුවන් බවට අනාවරණය වී තිබේ.

අසල්වැසි රටවල් අතරින් මාර්ග අනතුරු මරණ වැඩිම ලංකාවේ – ලෝක බැංකුව

දකුණු ආසියාවේ අසල්වැසි රටවල් අතර වැඩිම මාර්ග මරණ අනුපාතය ඇත්තේ ශ්‍රී ලංකාවට බව ලෝක බැංකුව පවසයි.

ලෝක ජනගහනයෙන් බාගයක්ම සමාජ ජාලයේ

වර්තමානයේදී තොරතුරු තාක්‍ෂණය අපගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස ගැඹුරට මුල් බැසගෙන තිබේ. පුද්ගලික අවශ්‍යතා සිට ව්‍යාපාරික කටයුතු දක්වා එය නොමැතිව ජීවිතය ගැන සිතීම දුෂ්කර ය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් ලෝකය වෙලාගත් දා සිට ඩිජිටල් තාක්ෂණය අන් කවරදාටත් වඩා අපගේ එදිනෙදා ජීවිතවලට බද්ධ වී තිබේ.

සැප්තැම්බරයේදී උද්ධමනය පහළ ගිහින් – මහබැංකුව

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුළු සේවාවල පවා නිරන්තරයෙන් මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවිඳින ජනතාව මේ වනවිට රට පුරා විරෝධතා පවත්වමින් සිටින අවධියක මෙරට තුළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම, පසුගිය සැප්තැම්බර්‌ මාසයේදී පහළ ‍ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැකුව පවසයි. සිය මාසික වාර්තාව ඊයේ නිකුත් කරමින් මහබැංකුව විසින් මේ බව සඳහන් කළේය.

කොවිඩ් මැද්දේ ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම නගරයෙන් ගමට තල්ලු වෙයි

ලෝකයේ වේගයෙන් නිවාස මිල ඉහළ යන රටක් වන ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ නගරයේ සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා මාරු වෙමින් ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. අගනුවර වූ කොළඹ නිවෙස් මිල ඉහළ යාම තරමක් සාධාරණ බවක් පෙනී යන බව වාර්තාවේ සඳහන් ය. එහෙත් එය ග්‍රාමීයව ඉතාම ඉහළ අගයන් පෙන්නුම් කරන බව…

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි නිෂ්පාදනවලට ලෝකෙ තියෙන තැන

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික රසායනික නිෂ්පාදනයේ නිරත වන ගොවීන්ට වඩා ඉහළ ප්‍රතිලාභ ලබන බව ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්මාන්ත පිළිබඳ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වෙයි. ‘කාබනික කෘෂිකාර්මික ලෝකය- 2021’ වාර්තාවේ සංඛ්‍යාලේඛන හා නැගී එන ප්‍රවණතා පිළිබඳ දත්ත විශ්ලේෂණය මගින් මේ බව පැහැදිලි වෙයි. කාබනික නිෂ්පාදන ගොවීන් රසායනික නිෂ්පාදන ගොවීන්ට වඩා නැඩි…

අවුරුදු පහක් ඇතුලත , රජයේ පාසල් 07ක් වැහිලා !

(දම්පත් රණසිංහ)  ගෙවී ගිය පස් වසර තුළ මෙරට රජයේ පාසල් 07 ක් වැසී ගොස් තිබෙන බව අතර ශිෂ්‍ය සංඛ්‍යාවද 79645 කින් අඩුවී තිබේ. මේ බව හෙළිවන්නේ කලම්බු එක්ස්ප්‍රස් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය මෑතකදී නිකුත් කළ 2020 වසරේ සංඛ්‍යා දත්ත සහ 2016 වසරේ සංඛ්‍යා දත්ත පිරික්සීමේදීය . එම දත්තයන්ට අනුව 2016 වසරේදී මෙරට පැවති 10,162 ක් වූ…