නවතම පුවත්

ලෝකයේ වැඩියෙන්ම ණය පොලී ගෙවන රට ශ්‍රී ලංකාවද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව  ලෝක බැංකුවේ සංවර්ධන  දර්ශක අනුව පෙනීයන්නේ යැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව  2000 වර්ෂයේදී   රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාව  ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්විය.

2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට හතළිස් දෙකකි.

ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ   වැඩිම පොලී ගෙවන රට බවට පත්විය.  රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී  වැය කර ඇති මුදල  සියයට 71කි. පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා සියයට 77ක් ගෙවූ බව  මහ බැංකු වාර්තා හෙළිකරයි.

2020 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන්  ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර  ලෙබනනය පළමු ස්ථානයට පත්ව තිබිණ. එරට රාජ්‍ය ආදායමෙන් සියයට අනූපහක මුදලක් ණය පොලිය සඳහා ගෙවා තිබිණ.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව  පෙනී යන්නේ යැයි  අතු කෝරළ මහතා කීවේය.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!