නවතම පුවත්

වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන “ශ්‍රී ලංකා මහෝත්සවය” වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසයි Sri Lanka Festival යනු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වසරකට වරක් හමුවන දැවැන්තතම ලාංකික ඉසව්ව වේ.


ඒ අනුව ටෝකියෝ Yoyogi Park හි ජූනි මස 15/16 යන දෙදින පෙරවරු 9.00 සිට සවස 7.00 දක්වා මෙම ලංකේය සංස්කෘතික විවිධත්වයෙන් අනූන උත්සවමාලාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජපාන ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසයි.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නැටුම්, සංගීතය සහ සැබෑම විවිධ ශ්‍රී ලාංකික ආහාර රස විඳින්න හා විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද අපගේම තැඹිලි ගෙඩියක් පානය කිරිමටඅවස්ථාව ලැබීම ද මෙම ප්‍රදර්ශන පරිශ්‍රයේ ඇති සියලුම ආහාරපාන, බීම වර්ග ලංකාවේ සිට රැගෙන එන ඒවා පමණක්වීම ද මෙහි ඇති සුවිශේෂත්වය බව ජපනයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති අනිල් ප්‍රියන්ත ගමඇතිගේ මහතා පවසයි.

ජපානයේ ශ්‍රී ලංකා මහෝත්සවය පැවැත්වීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය හිමිව ඇති බවත්,මේ සංවිධාන කටයුතුවලදී ජපානයේ වාහන ආනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලාංකේය විද්වතුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සංගමය, ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ඇතුළු සංවිධාන රැසක සහය ලැබුණු බව සංවිධායක මණ්ඩලය පවසයි.

එහි සියලු සංස්කෘතිකාංග, නර්තන ගායන ඇතුළු ප්‍රාසාංගික ඉසව් ඉදිරිපත් කරන්නේ ජපානය වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් හා තරුණ තරුණියන්වීම මෙහි ඇති විශේෂත්වයකි.

වර්තමානයේ ජපානයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ථෙරවාදී ලාංකේය විහාරස්ථාන දොළහක් පමණ ස්ථාපිතව ඇත

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !