නවතම පුවත්

වාහන වැඩිවුණාට අනතුරු අඩුවෙලා

අසංක

අසංක

ගෙවී ගිය දින දෙක තුන තුළ රට පුරා සිදුවූ මාරක රිය අනතුරු වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. ඒවායෙන් මියගිය සංඛ්‍යාව මෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව ද සංඛ්‍යාත්මකව ගත් කළ ඉහළ ය.

මාර්ගවල ගුණාත්මකභාවය, පවතින අධික රථවාහන සංඛ්‍යාව සහ එම වාහන පවතින මාර්ගවලට ඔරොත්තුදීමෙ හැකියාව, අථවාහන නීති ක්‍රියාත්මක වීමේ ස්වභාවය සහ රියැදුරන්, පදිකයන් මාර්ග භාවිත කරද්දී දක්වන සැළකිල්ල ආදිය ද රිය අනතුරුවලට  හේතු වන කරුණු කිහිපයක් ලෙස හදුනාගෙන ති‌බේ.

කෙසේවෙතත් පසුගිය වසර 3 තුළ සිදුවු අනතුරු පිළිබද සළකා බැලීමේදී 2016 වසරට සාපේක්ෂව 2017 හා 2018 වසරවල සිදුවූ රිය අනතුරුවල  අඩුවීමක් පෙන්නුම් කරයි. සමස්ත රිය අනතුරු ඛාණ්ඩ 4ක් යටතට ගැනේ. ඒනම් මාරක අනතුරු, බරපතළ අනතුරු, සුළු තුවාල හා අලාභ අනතුරු ආදි වශයෙනි.

ගෙවී ගිය වසරේ සිදුවූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 35756කි. එය 2017 වසරට සාපේක්ෂව 5%ක අඩුවීමකි. 2016 සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 39199කි. ඒම වසරට සාපේක්ෂව 2017 වසර වනවිට 4%කින් රිය අනතුරු සිදුවූ ගණන අඩුවී තිබේ. කෙසේවෙතත් වර්තමානය වනවිට රිය අනතුරු  සිදුවීමේ පසුබෑම යහපත් ප්‍රවණතාවක් බව කිව හැකිය.

පොලිස් මූලස්ථානය පසුගිය දා ප්‍රකාශ කළේ මේ වසරේ ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 01 වැනිදා දක්වා මෙරට තුළ සිදුවූ රිය අනතුරුවලින් මිය ගිය ගණන 1629ක් බවයි. එම අනතුරුවලින් 60%කටම හේතුව අපරීක්ෂාකාරී රිය පැදවීම බව පොලීසිය පෙන්වා දෙයි.

පසුගිය වසර ‌දෙකක කාලය හා සැසදීමේදී 2018 වසරේදී රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන්‌‌ගේ සංඛ්‍යාවෙහි අඩුවිමක් ‌පෙන්නුම් කරයි. 2017 වසරේදී 3111ක් වූ රිය අනතුරු මරණ සංඛ්‍යාව පසුගිය වසර වනවිට 1%කින් පහළ ‌ගොස් 3081ක් වී ඇත.

මෙරට තුළ රථවාහන සංඛ්‍යාව සාමාන්‍ තත්වය පරිදි ඉහළ ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2017 වසරට වඩා 2018 වසර වනවිට 7%ක වැඩිවීමකි.

වරටේ වාහන වැඩිවීම, රිය අනතුරුවලට ‌‌හේතුවක් බවට ප්‍රකාශ ‌කෙරුණ ද ‌මෙරට තුළ පසුගිය ‌තෙවසරෙහි වාහනවල වැඩිවීම හා අනතුරු පිළිබද සළකා බැලීමේදී ‌පෙනීයන්නේ වාහන වැඩිවීමත් සමග රිය අනතුරු ඉහළ යන බවට වන අනුමානය වැරදි එකක් බවය.

කෙසේවෙතත් වාහන වැඩිවීමට සාපේක්ෂව සිදුවූ රිය අනතුරුවල අනුපාතය 2018 වනවිට 4.7ක් (වාහන 1000කට) දක්වා අඩුවී තිබෙන බව පොලිස් සංඛ්‍යාලේඛන දත්ත අනාවරණය කරයි.

 වර්ෂයවාහන 1000කට අනතුරු සංඛ්‍යාව 
20165.8
20175.2
20184.7

මූලාශ්‍රය – ‌පොලිස් සංඛ්‍යාලේඛන ඒකකය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි