නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උපරිම සහය දෙනවා – ජපානය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 ජූනි 02 වැනි දින ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මහතා හමු වූ තානාපති සන්ජිව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හා ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේ ය.

දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම් පිළිබඳව සිහිපත් කළ උපඅමාත්‍යවරයා, ජනතාව අතර සබඳතා ගොඩනැගීම, ආයෝජන සහ වෙළඳ සබදතා ප්‍රවර්ධනය කිරීම සහ ජපාන රජය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සිදු කළ කොවිඩ්-19 එන්නත් පරිත්‍යාගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීම යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුර කාලයේ දී ලබා දුන් දායකත්වය ඇගයුමට ලක් කළේ ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව උපඅමාත්‍යවරයා දැනුවත්කළ තානාපතිවරයා, මෙම අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට එල්ල වන අභියෝග අවම කිරීම සඳහා ජපාන රජයේ සහයෝගය ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් වටිනා මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ජපාන රජය වෙත සිය ස්තුතිය පළකළ එතුමා, මෙම අසීරු මොහොතේ දී ශ්‍රී ලංකාවට සහය වීමේදී වඩාත් අර්ථවත් කාර්යභාරයක් ඉටුකරන ලෙස ජපානයට සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ට ඇරයුම් කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ උපඅමාත්‍ය ටාරෝ මැතිතුමා, ජපානය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනබවත්, මෙම ආර්ථික අර්බුදය සාමාන්‍ය ජනතාවට එල්ල කරන බලපෑම පිළිබඳව කණගාටුවන බවත් සඳහන් කළ අතර, විනිවිදභාවයකින් යුක්ත වූත්, සංසන්දනාත්මක බවින් යුක්ත වූත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරා යොමුවෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා සංවාදය වේගවත් කරන ලෙස යෝජනා කළේය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් තීරණාත්මකබව ඔවුන් හඳුනාගෙන ඇති බවත්, ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් රජය ස්ථීර විසඳුමක් ගෙනඑනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය. මෙම අර්බුදය සමනය කිරීම සඳහා ගෙනඇති ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව මෙම අර්බුදය ජයගැනීම සඳහා රජය තුළ ඇති කැපවීම ඇතුළුව ශ්‍රී ලංකාවේ නවතම ප්‍රගතිය පිළිබඳව තානාපති ගුණසේකර මහතා උපඅමාත්‍යවරයා දැනුම්වත් කළේ ය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිතකොට වසර 70 ක් සපිරීම පිළිබඳව සිහිපත්කළ තානාපතිවරයා, තමධුර කාලය තුළ ජපානයේ මැදිහත්වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් උපරිම සහයෝගයක් ලබාදීමට හැකි වීම සම්බන්ධයෙන් සිය සතුට පළකළ අතර මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීම සඳහා ජපානය සිය මිත්‍ර රටවල් හරහා මෙන්ම ද්විපාර්ශ්වික අයුරින් ද කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සහන් කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෝකියෝ

2022 ජූනි 09 වැනි දින

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !