වර්ජනයට ‘GMOA’ එක්වෙයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) තීරණය කළේය.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා තිබුණි.