විශේෂාංග


Share now!

පශ්චාත් නූතනවාදී සමාජයක් යනු සාරය අහිමි කළ සමාජයකි. එහි මිනිසුන් ඇත. නමුත්, මිනිසුන් නැත. පාරිභෝගිකයන් ඇත. නමුත්, පාරිභෝගිකයන් නැත. වෙළෙඳාම ඇත. නමුත්, වෙළෙඳාම නැත.

මේ අපභ්‍රංශය කුමක් ද?

එනම්, “තිබෙනවා නම්” තිබෙන්නේ සාරය අහිමි කළ – essenceless දෙයකි.

ඔබට පශ්චාත් නූතන වෙළෙඳපළේ “broiler chicken” යනුවෙන් හමුවන්නේ ස්වාභාවික ව වැඩුණු කුකුළෙකු නො ව කෘත්‍රිම හෝර්මෝන, රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ලද මාරාන්තික විෂ සහිත මස් ගුලියකි.

“බ්‍රොයිලර් කුකුළන් ගෙ සියොළඟෙහි ම විස ය”

එනම්, chicken without chicken ය.

ඒ අනුව ඉහත සඳහන් සූත්‍රය මෙසේ ද ලිවිය හැකි ය.

man without man
consumer without consumer
market without market

සියල්ලෙහි සාරය අහිමි කර තිබේ. මෙය තවදුරටත් විස්තර කරන්නේ නම් “තත්කාලය” නැත. එනම් “මොහොත” නැත.

ඔබ සුපිරි අලෙවිසලකට ගොස් බ්‍රොයිලර් චිකන් කිලෝවක් මිළ දී ගන්නා “මොහොත” යනු, “කුකුළුමස් මිළ දී ගන්නා මොහොතක්” නො වේ. එය වෙනත් බහුබූතයකි. ඔබ ඒ පිළිබඳ ව සිතන්නේ ද නැත. එනම් “තත්කාලය” යනුවෙන් දෙයක් නැත.

“ඔබ නො සිතයි,
එහෙයින් ඔබ නො පවතියි.”

“You dont think,
Thus, you don’t exist.”

මේ තත්ත්වය හදිසි අනතුරකින් හිස්කබල විනාශ වී ගොස් මොළය මැරුණු පුද්ගලයෙකු හා සමාන නො වන්නේ ද?

ඔහු නො සිතයි,
එහෙයින් ඔහු නො පවතියි.”

“He doesn’t think,
Thus, he doesn’t exist.”

එසේ නම්, රටේ පවතින මහා සමාජ, දේශපාලනික, ආර්ථික අර්බුදය පිළිබඳ ව “නො සිතන ගෝඨා” පවතී යැයි, අප සිතිය යුතු ද?

ගෝඨා ද තත්කාලයේ නැත.

දැනට සති දෙකකට අධික කාලයක් තිස්සේ “gota go home” කිව්ව ද, ගෝඨා නො යන්නේ ගෝඨා නො සිතන නිසා ය. නො පවතින නිසා ය.

මහජන පරිමණ්ඩලයෙන් ඈත් ව, ඊට කිසිදු අවශ්‍යතාවක් ද, බාධාවක් ද නො වී, ගෝඨාට සිටිය හැකි බව, “ගෝඨාගෝගම” තරුණ අරගලය විසින් රටට පෙන්වා දෙනු ලැබ තිබේ.

ඒ නිසා ම, ගෝඨා ගෙදර යා යුතු ය.

(කුමාර ලියනගේ)