පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ (05) පෙරවරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (06) අළුයම නතර කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත මෙම උපවාසය නතර කිරීමට තීරණය කළ අතර මෙම ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඉන් පසුව සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීමෙන් පසුව ඒසදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් එම ලිපිය මගින් දන්වා ඇත.
තිස්ස අත්තනායක මහතා විසින් මෙම ලිපිය රැගෙන ආ අතර ජනාධිපති අපේක්ෂක සජිත්ප්‍රේමදාස මහතාද ලිපියක් යොමු කරමින් පෙන්වාදී ඇත්තේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන්කිරීමට ඉඩ නොතබන බවත් මෙම ගිවිසුම 16 දිනට පෙර අත්සන් කිරීමේ අදහසක් ආණ්ඩුවට නොමැති බවත්ය.