අගමැති ඉල්ලීමෙන් විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

Picture of අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ලබන (11 වන) සඳුදා පෙරවරු 11.30ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව පැවැත්වෙන මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වන ලෙස කථානායකවරයා ඉල්ලීමක් කර ඇත.

මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.