අගමැති කැමති – වරාය වෘත්තීය සමිති වැඩවර්ජනය අවසන්

Picture of අසංක

අසංක

වරාය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද පෙරවරුවේ අවසන් කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තංගල්ල කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟතාවකට අනුව මෙසේ මෙම වර්ජනය නිමාවට පත්විය

ග්‍රැන්ටි දොඹකර 3, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑමට පමණ අග්‍රාමාත්‍යවරයා එහිදී එකඟවූ බව වරාය වෘතීය සමිති සඳහන් කර සිටී.

වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදි සාකච්ඡා කර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත