අගමැති ලේකම් ගාමිණී සේදර සෙනරත්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී භාර දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන්ද සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

හෙතෙම ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.