අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිදහස් උළෙල වර්ජනය කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ .හෙට පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාලව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට විරෝධය පළකරමින් ඔහු එම තීරණය ගත් බව කොළඹ අගරදගුරු පදවිය පැවසීය.

අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.