අගෝස්තු 1දා සිට සංචාරකයන්ට කටුනායක ගුවන්තොට ඇරෙන ලකුණු

Picture of අසංක

අසංක

අගෝස්තු මස පළමුවැනිදා සිට සංචාරකයන් වෙත මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .

ඒ අනුව සංචාරකයන් සඳහා කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීමේදී සියලුම සංචාරකයින් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය ද ඒ සමඟම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙන බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර අද සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන සියලුම මගින් PCR පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගත් තීරණයකට අනුව එය ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.