දම්පත් රණසිංහ
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි ඊයේ (26) පොලිස් ඇප මත මුදා හැරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරෙනු ඇත.
මේ දිනවල විකාශය වන රියැලිටි වැඩසටහනක පුහුණුවීම් සදහා ගොස් මහනුවරට ගොස් නැවත තම ඥාතියෙකුගේ නිවසට යමින් සිටිය දී මෙම රිය අනතුර සිදු වී ඇත.
අනතුරට ලක්වූ යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇතිි අතර ඔහු රෝහල්ගත කර ඇති ඇයම පොලීසියට මේ බව දන්වා ඇත. ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරයි.