අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පසුගිය දිනවල පොලීසියට සොයාගැනීමට නොහැකිව සිටියද ඊයේ දිනයේ ඔහු කොමිසමට ගොස් සුපුරුදු පරිදි රාජකාරියේ නිරත වී තිබේ.
ඔහු පැමිණි බව දුටු කොමිසමේ සෙසු සාමාජිකයන් ලේකම්වරයා සමඟ කතාබහ කොට රාජකාරි සිදුනොකරන ලෙසත් යළි සේවයට ඒමට අවශ්‍ය නොමැති බවත් පවසා ඇත.
හෙට දිනයේදී රුස්වීමට නියමිත ජාතික පොලිස් කොමිසම විසින් සමන් දිසානායක මහතා වෙනුවට නව ලේකම්වරයකු පත්කරගැනීමට නියමිතය.
ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ද වේ.
චෝදනා එල්ල වී ඇති ඇවන්ට්ගාඩ් සිද්ධිය වන සමයේදී දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.