අත්‍යාවශ්‍ය ආහාර,ආනයනයට රජයේ සූදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ජනතාවට  ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර ඇති බව  වෙළෙඳ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටී

විශේෂයෙන්ම පෞද්ගලික අංශය, ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති ආහාර  මෙලෙස ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවද වාර්තාවේ .

රාජ්‍ය සමාගමක් වන රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සමාගම හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති අතර  කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ආනයනය ක්‍රියාත්මක කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇත .