අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් පමණ මේ වන විට කොළඹ වරායේ සිර වී තිබෙන බව වාර්තාවේ .. අදාල කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ණය සහන බැංකු මගින් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද දැනගන්නට ඇත ..
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත එම කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රජය මේ වන විට මැදිහත් වී ඇත . ඒ අනුව එම කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය මූල්‍ය සහන ලබා දෙන ලෙස මහ බැංකුවද සියලු බැංකුවෙත දැනුම් දී තිබෙ.
මේ අතර වෙළදපොලේ පවතින කිරිපිටි හිගයට මෙතෙක් විසදුමක් ලැබී නැත . දින ගණනාවක් සිට මෙම කිරිපිටි හිගය පවතින අතර කිරිපිට සමාගම් මිල වැඩිකරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ..