අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිගේ  ආදාහන පූජෝත්සවය අද  පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක,  අපවත් වී වදාළ, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (25) කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1ට ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර පස්වරු 3ට කොළඹ නිදහස් චතුරස්‍රයට ළඟා වීමට නියමිතය.
රිය පෙරහැර ගමන් ගන්නා මාර්ගය පහතින් දැක්වේ.
ගල්කිස්ස ශ්‍රී ධර්මපාල මාවතේ පිහිටි ධර්මපාල විහාරස්ථානයේ සිට ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස වමට හැරී, ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත පසුකර ගාලු පාර බම්බලපිටිය වජිර පාර හංදියෙන් දකුණට හැරී වජිර පාරෙන් හැව්ලොක් පාරට පිවිස වමට හැරී, හැව්ලොක් පාර ඔස්සේ තුන්මුල්ල හංදිය, තර්ස්ටන් පාර, කේම්බ්‍රිජ් පෙදෙස, ජාතික කෞතුකාගාර හංදියෙන් දකුණට හැරී ඇල්බට් ක්‍රසන්ට් මාවතේ ගමන්කර නන්දා මෝටර්ස් හංදියෙන් දකුණට හැරී නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චත්‍රරශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන්ගන්නා කාල සීමාව තුළ, මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා ඉහත මාර්ග භාවිත කරන්නන් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.