අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලයක් යාපනයේ

Picture of අසංක

අසංක

අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය අනුබද්ධ නව ප්‍රාදේශිය කාර්යාලය යාපනයේ අඩියපතම් ප්‍රදේශයේදී ලබන 24 වන දින විවෘත කිරිමට නියමිතය.

එහි සමාරම්භක උත්සවය කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා මෙන්ම . අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ද සහභාගී වනු ඇත.

මේ වන විට අතුරුදන් වුවන් පිළිබද ප්‍රාදේශිය කාර්යාල මාතර,මන්නාරම යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ.

මේ වර්ෂය තුළ විවෘත වන තෙවන කාර්යාල මෙයයි.

ශ්‍රී ලංකාවේ අතුරුදන් වුවන් සෙවිම සහ අතුරුදන් වුවන්ට කොතනකදි කුමක් සිදුවුයේද යන්න පිලිබඳ සෙවිම මුලික වගකිම මෙම කාර්යාලයට පැවරි තිබේ.

ප්‍රාදේශිය කාර්යාල මගින් අතුරුදන්වුවන්ගේ පවුල්වලට අතුරුදන්වුවන් කාර්යාලය වෙත ප්‍රවේශ විය හැකිය.

පවුගේ සාමාජිකයින්ගේ පැමිණිලි භාර ගැනිම ,පවුල්වල මුහුණදෙන පරිපාලනමය ගැටළු පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය ආයතන සමග සාකච්ජා කිරිම ,නඩු කටයුතු විමසිම් මෙම කාර්යාල හරහා සිදුවනු ඇති