අතුරුදන් වූ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරීක්ෂකවරයා සේවයට වාර්තා කර තිබේ.
ඔහු අතුරුදන් වූ බවට දින කිහිපයකට පෙර පොලීසිය වෙත පැමිණිලි කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔහුගේ බිරිඳ විසිනි.
අතුරුදන් වීම පිළිබඳ අදාළ පොලිස් පරීක්ෂකවරයා කිසිවක් හෙළි කර නොමැති නමුත් පවුල් ආරවුලක් හේතුවෙන් ඔහු නිවසට නොගොස් සිටි බවට පෙනී ගොස් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවා ආරංචි මාර්ග පවසයි.
මොහුගේ අතුරුදන් වීම පිළිබඳ පැමිණිලි ලද පසුව විමර්ශනයක් ද පවැත්විණි.
එහිදී අනාවරණය වී තිබුණේ මෙම නිලධාරියා අධික ණය බරින් මිරිකී සිටි අයකු බවයි.