අද දිනය තුළ කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දර්ගා නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.