අදත් කොවිඩ් මරණ 5ක්

Picture of අසංක

අසංක

මෙරට කොවිඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් අද‌ (9) වාර්තා වී තිබේ.

ඒ සමග ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ මියගිය කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු පහත දැක්වේ.

01. කපුලියද්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටියදී 2021 පෙබරවාරි 08 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ්‌ නියුමෝනියාව, බ්‍රොන්කයිටිස්‌ රෝගී තන්න්වය සහ අධිරුධිර පීඩනයයි.

02. මොරටුව ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොතලාවල
ආරක්ෂක රොහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 09 වන දා
මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌-19 ආසාදනය
හේතුවෙන්‌ උග්‍ර වකුගඩු ආබාධය සහ ලේ විෂවීමයි.

03. කැටවල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහරොහලේ සිට කොවිඩ්‌-19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 02 වචන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාවය.

04. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නාරම්මල
දිස්ත්‍රික්‌ රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 08 වන දින
මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමොනියාව
සහ ඇදුම‌ රෝගය උන්සන්න වීමයි.

05. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 06
වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත්‌ කරන අවස්ථාව වනවිටත්‌ මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවටිඩ්‌ නියුමෝනියාව, උග්‍ර වූ දියැඩියාව සහ අධිරුධිර පීඩනයයි.