කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 323කි.
මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙරට කොවිඩ්-19 ආසාදිත රෝගීන් 95,550 දෙනෙකුට මේ වනවිට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදී තිබේ.
අද (01) දිනය තුළ පමණක් 36,396 දෙනෙකුට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
ඒ අනුව අදවන විට 95,550 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.
අද (1) දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 816කි.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,973ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට කොවිඩ්-19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,075 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.