දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතී.
සබරගමුව,මධ්‍යම, ඌව,දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තරමක් තද වර්ෂාපතනයන්ඇති විය හැක.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලමසහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.