අදින් පසු කරන්ට් කැපිලි නෑ

Picture of අසංක

අසංක

විදුලි කප්පාදුව අද දිනයෙන් පසු සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

ඉකුත් 17 වනදා සිට පස්වරු 06 සිට රාත‍්‍රී 10 දක්වා කලාප 04 ක් යටතේ පැය බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේය.

කෙරවළපිටිය ගි‍්‍රඞ් උපපොළේ සිදු වූ බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරය ද අකි‍්‍රය වීම හේතුවෙන් මෙසේ විදුලි කප්පාදු කිරීමට සිදුවූ බවද මණ්ඩලය පැවසීය.