අද දිවයිනේම සුරා සැල් වසා තැබිය යුතුයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේදී දිවයින පුරා පිහිටි සියලූ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු ප‍්‍රදේශවල මෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලට ද මෙම නියෝගය බලපැවැත්වෙන බවයි.

මේ අතර හෙට (18) දින යළි විවෘත කිරීමට අවසර ලැබෙනුයේ ඉකුත් සෙනසුරාදා විවෘත කිරීමට අවසර දෙන ලද සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන පමණයි. ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත‍්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත‍්‍රික්කවල බලපත‍්‍රලත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ද අවසර හිමිවන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කෙසේවෙතත්, කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල මත්පැන් අලෙවිය තවදුරටත් සුපිරි වෙළඳසැල් සඳහා පමණක් සීමා වනු ඇති.