අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

Picture of අසංක

අසංක

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයන් අද මධ්‍යම රාත්‍රි සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුමත කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් ස්ථානාධිපතිවරුන්, දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට එක්වන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවැසීය.