ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් හුදෙකලා කරන ලද ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 5 සිට හුදකලා බව ඉවත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.
01. නාරාහේන්පිට පොලිස් වසමේ – 100 වත්ත
02.වරයා පොලිස් වසමේ –
පහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස
ඉහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස
ඇන්ඩෘස් පාර
03.පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත