දම්පත් රණසිංහ
අද ලෝක කාන්තා දිනයයි. පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධානි පොලිස් අධිකාරි ලංකා රාජිණී පවසන්නේ අප රටේ සමස්තයක් ලෙස ගත්කළ ගෙවුණු වසර 10ක 15ක ඉතිහාසයට සාපේක්ෂව කාන්තාවන්ට එරෙහි අපරාධ සමස්තයක් ලෙස මේ වනවිට අඩුවීමක් පෙන්වන බවයි.
එහෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඇය සදහන් කරන්නීය.
එසේම කාන්තාවන් වැඩිම පිරිසක් ඝාතනය වන්නේ සමීපතමයින් අතින් බව ද ඇය සදහන් කළාය.
විශේෂයෙන් සැමියා හෝ ප්‍රේමවන්තයින් අතින් බවට සංඛ්‍යා දත්ත පැහැදිලි කරයි.
කාන්තාවන්ට එරෙහි අපරාධ මීට වසර 10කට පෙර පැවැති තත්වයට වඩා අඩුවීමක් පෙන්නුම් කරන්නේ කාන්තා හිංසනය සහ අපයෝජනය වැළැක්වීම සම්බන්ධයෙන් මෙන්ම කාන්තාවන්ට එරෙහි අපරාධවලට එරෙහිව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලින් කරගෙන යනු ලබන දැනුවත් කිරීම් හේතුවෙනි.
පසුගිය වසර 5ක කාලය තුළ අප රටේ කාන්තාවන්ට සිදුවූ අපරාධවලින් බිදක් පහත දැක්වේ.
මූලාශ්‍ර – පොලිස් මූලස්ථානය