අද සිට මාස්ක් ඕනම නෑ

Picture of අසංක

අසංක

අද(10) සිට ක්‍රියාත්මක වන පරිදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.

ගෝලීය වසංගත තත්ත්වයක් වූ කොවිඩ්-19 ට ශ්‍රී ලංකාවද ගොදුරු වූ දා සිට වයිරසය පැතිරීම වැළැක්වීම උදෙසා මුඛ ආවරණ අනිවාර්ය විය.

කෙසේවෙතත් ශ්වසන රෝග ගැටලු ඇති අය මුඛ ආවරණය තවදුරටත් පැළඳීම සුදුසු බවද හෙතෙම කියා සිටී.