පැතුම් වික්‍රමරත්න
සියලු වරාය සේවකයන් අද දිනයේ සිට , අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වරාය වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී .. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ කොටස් 49% ක් ඉන්දියානු සමාගමකට පැවරීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළකිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගට එළඹි බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (28) නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ වෘත්තීය සමිති නියෝජිතයන් මහනුවරට පැමිණ මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සුරැකීම ජාතික අරගලයක් බවය.