අද සිට වැසි තත්වයේ අඩුවීමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දිනයේ සිට  වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කළ හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී .

. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ  ගිණිකොන දිග අරාබි මුහුද ආශ්‍රීතව පවතින පීඩන අවපාතය මේ වන විට ක්‍රමයෙන් දිවයිනේ මුහුදු වෙරලෙන් ඉවතට ගමන් කරමින් ඇති බවය.

කෙසේවෙතත් මැයි මාසයේ අගභාගයේදී  යලි නිරිත දිග මෝසම් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය .
මේ අතර පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව යටතේ සහන සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7 කට වැඩි බලපෑම් එල්ල වී තිබෙ. එම දිස්ත්‍රික්වල පවුල් 2,750 කට අයත් පුද්ගලයන් 11,542 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇති බවද වාර්තවේ .